Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා නුදුරේදීම ගොනු කරන බවට වන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොරයි - නීතිපති

  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වසරේදී හෝ සාධාරණයක් ඉටුවන ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා කතෝලක රදගුරු මණ්ඩලය පවසනවා. එහි සභාපති, බදු...

 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වසරේදී හෝ සාධාරණයක් ඉටුවන ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා කතෝලක රදගුරු මණ්ඩලය පවසනවා. එහි සභාපති, බදුල්ල රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වී ඇතත් තවමත් අපේක්ෂිත සාධාරණත්වයක් ඉටු වී නොමැති බවයි. 


මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාරදීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය අනු කමිටුව පත්කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහායි.


චමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු ඊට ඇතුළත්. අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ඉකුත් මස 15 වනදා භාරදීමටයි නියමිතව තිබූනේ. එහෙත් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගනු ලැබුවා. ඒ අනුව කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතයි. කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.  


මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා නුදුරේදීම ගොනු කරන බවට පළවන සමහර මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව නීතිපතිවරයා ඊයේ පැවසුවා. ඔහු කියා සිටියේ නිළධාරින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සහ වාර්තා තවමත් අධ්‍යයනය කිරීමත් විශ්ලේෂණය කිරීමත් සිදුකරන බවයි.

nethnews

No comments

Ads Place