Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..

  බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි...

 


බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

No comments

Ads Place