Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටියකට ආසන්න හෙරෝයින්තොගයක් නිවසකින් මතුවෙයි…

  යාපනය කයිට්ස් පොලිස් බලප්‍රදේශයට අයත් වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කි...

 


යාපනය කයිට්ස් පොලිස් බලප්‍රදේශයට අයත් වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි.

චාවකච්චේරි සුරාබදු නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් සහ පේදුරුතුඩුව සුරාබදු නිලධාරී කාර්යාල නිලධාරීන් විසින් ඒකාබද්දව සිදුකරන ලද වැටලීමකදී වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක් තුල සූක්ෂමව සඟවා තිබූ අදාල හොරෝයින් තොගය සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරුද හෙරෝයින් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සොයාගත් හෙරෝයින් තෙගය අදාල පුද්ගලයාට ලැබුනු ආකාරය පිලිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුද මාර්ගයෙන් මෙම හෙරෝයින් තොගය රැගෙනවිත් දකුණට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවට සුරාබදු නිලදාරීන් සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු 50 හැවිරිදි වන අතර ඔහු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අප්‍රේල් මස 14 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් අධිකරණය විසින් නියෝග කොට සිටි අතර කයිට්ස් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

lankacnews

No comments

Ads Place