Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹින්

මෙරටින් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ප...


මෙරටින් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 54 ක්.

ඉන් ආසාදිතයින් 11 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25 ක්.  

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනුණා.

මේ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

nethnews

No comments

Ads Place