Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරොලයින් ජූරි මට කුණුහරුපෙන් බැන්නා… මං උසාවි යනවා.. – පුෂ්පිකාද සිල්වා…

  ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි විසින් තමනට කුණුහරුපයෙන් බැන වැදුණු බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කර...

 


ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි විසින් තමනට කුණුහරුපයෙන් බැන වැදුණු බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

නෙළුම් පොකුණ රඟහලේ දී තමන්ගේ කිරුළ බලහත්කාරයෙන් හිසෙන් ඉවත් කරන අවස්ථාවේ මෙසේ බැණ වැදුනු බවද ඇය කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලේය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කැරලයින් ජූරි සහ චූලා පත්මේන්ද‍්‍ර පොලිස් ඇප මත නිදහස් කර ඇත.

නමුත් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුෂ්පිකා ද සිල්වා පාර්ශවය තීන්දු කර තිබේ.

පුෂ්පිකාද සිල්වා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තමන් ගෙන් සමාව ඉල්ලන්නැයි කරන ලද යෝජනාවට කැරලයින් අකමැති වීම නිසා අධිකරණ හමුවට යන බවයි.




lankacnews

No comments

Ads Place