Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආදාහනාගාර පිරී යාමෙන් ඉන්දියානුවන් අසරණ වෙයි

  කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාවේ දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. ඒ, ආදාහනාග...

 


කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාවේ දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. ඒ, ආදාහනාගාර පිරී යාම හේතුවෙන්. මෙම තත්ත්වය වැඩි වශයෙන් බල පා ඇත්තේ ඉන්දීය දිල්ලි අගනුවරටයි. 


දිල්ලියේ ආදාහනාගාර ආශ්‍රිත භූමියේ මේ වන විට මළ සිරුරු එකට ගොඩ ගසා ආදාහනය කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. උද්‍යාන සහ වෙනත් හිස් අවකාශයන් ද මෘත ශරීර ආදාහනය සඳහා යොදා ගැනීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. යමුනා ගංගාව අසල භූමියක්ද ඒ සඳහා තෝරා ගැනීමට නියමිතයි.


කාර්ය මණ්ඩලය ද පැය 24 පුරා සිය රාජකාරී සිදු කරමින් සිටිනවා. ඉන්දියාවේ දෛනික මරණ ඉහළ යමින් ඇති පසුබිමක මියයන පුද්ගලයින්ගේ මල සිරුරු ආදාහනය කිරීමට පවුලේ ඥාතීන්ට අවසර ලබා ගැනීම පවා මේ වන විට දුෂ්කර වී තිබෙනවා.

No comments

Ads Place