Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙමල සන්ධානය කොරෝනා නොතකා යාපනයේ සැමරුම් උත්සවයක…

  ඉලංගෙයි තමිල්අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ වන දිවංගත එස්. ජේ. සෙල්වනායගම් මහතාගේ 44 වන ගුණසැමරුම් උත්සවයක් යාපනයේදී සංවිධානය කොට තිබුණි. යාපනය...


 ඉලංගෙයි තමිල්අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ වන දිවංගත එස්. ජේ. සෙල්වනායගම් මහතාගේ 44 වන ගුණසැමරුම් උත්සවයක් යාපනයේදී සංවිධානය කොට තිබුණි.

යාපනයේ පිහිටි සෙල්වනායගම් පිලිරුව අසලදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම ගුණ සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුණි.

රාජ්‍ය හා පෞද්ගලික උත්සව අවස්ථා සති දෙකකට තහනම් කොට ඇති අවස්ථාවේ යාපනය දිස්ත්‍රීක්කයේද මේ වන විට දැඩි කොරෝනා අවධානමික් පසුවන වාතාවරනයක් තිබියදී දේශපාලන නායකයින් මෙලෙස ගුණ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණි.

එහිදී සෙල්වනායගම් පිලිරුවට මල්මාලා දැමීම වත්මන් නායක මාවෙයි සේනාධිරාජා මහතා අතින් සිදු වූ අතර සෙසු පිරිස් සෙල්වනායගම් පිලිරුව අසලට එක්වී මල්පහන් දැල්වීම සිදුකරන ලදි .

මෙම අවස්ථාවට තවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් සහ පලතාසභා හටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.

No comments

Ads Place