Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කලා නම් විශ්‍රාමික හමුදා ප්‍රධානින් රජයේ ආයතන වල මුල් තනතුරැවලට පත් කරන්න බැරි ඇයි.

  මහ බැංකුවේ අධිපති ධූරයට විදේශිකයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් රටේ නීතියට පටහැනිව පසුගිය යහපාලන රජය පත් කළා නම් වත්මන් රජය විශ්‍රාමික හමුදා ප්‍...

 


මහ බැංකුවේ අධිපති ධූරයට විදේශිකයකු වූ අර්ජුන් මහේන්ද්‍රන් රටේ නීතියට පටහැනිව පසුගිය යහපාලන රජය පත් කළා නම් වත්මන් රජය විශ්‍රාමික හමුදා ප්‍රධානින් රජයේ ආයතන වල මුල් තනතුරැවලට පත් කිරීමේ වරදක් කුමක්දැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රශ්න කරයි.

පසුගිය යහපාලන රජයේ ආරක්ෂක ලේකම් ධුරය ද ඇතුළු මුල් පුටු කිහිපයකට විශ්‍රාමික හමුදා ප්‍රධානින් පත් කළ බවද කී රණසිංහ මහතා යහපාලනයට හොඳ දේ අද නරක වන්නේ කෙසේ දැයි විමසීය.

හමුදාව හෝ වේවා පරිපාලන සේවයේ හෝ වේවා විශ්‍රාම ගිය දක්ෂ නිලධාරීන් ආයතන වල මුල් පුටුවලට පත් කරන බවද රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පස් ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විමසූ පැනයකට පිළිතුරු ලෙසිනි.

No comments

Ads Place