Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශපාලන පලිගැනීම් මත, පොලිස් නිලධාරීන් උසස් කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ලිපියක්

පොලිස් නිලධාරීන් පිරිසක් දේශපාලන පලිගැනීම් මත කැබිනට් අනුමැතියකින් උසස් කිරීම තුළින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් අහිමිවිම හේතුවෙන් ...


පොලිස් නිලධාරීන් පිරිසක් දේශපාලන පලිගැනීම් මත කැබිනට් අනුමැතියකින් උසස් කිරීම තුළින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් අහිමිවිම හේතුවෙන් සිදුවන ආසාධාරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.


ඒ, එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම විසින්. අදාළ ලිපියේ දැක්වෙන්නේ පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම වෙත ඉකුත් පෙබරවාරි 24 වනදා යොමු කර ඇති ලිපියක පිටපතක් ද මේ සමග යොමුකර සිටින බවයි.


ඒ අනුව පසුගිය රජය පැවැති කාලසීමාවේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවා යැයි පැවසෙන නිලධාරීන් කිසිඳු දේශපාලන පලිගැනීමකට ලක්වි නොමැති බවට තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අභියාචනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන ලෙස  ද අදාළ ලිපිය මගින් දක්වා තිබෙනවා. 

nethnews

No comments

Ads Place