Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට ස්වයංපෝෂිත කරද්දී ජනතා ජල අවශ්‍යතා සැපිරීම රජයෙ වගකීමක්..- තවත් වැවක් අරඹමින් චමල් කියයි..

  ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීමේ රජයෙ වගකීමක් බවත් එම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් වාරි...

 


ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීමේ රජයෙ වගකීමක් බවත් එම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (20) අත්තනගල්ල කරස්නාගොඩ පැවැති බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.

චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සඳහා එක්වුහ.

මෙම ජල ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කර ඇති නමුත් යහපාලන රජයේ නොසැලකිල්ල හේතුවෙන් ඉදිකිරීම් අතරමග නතරව ඇත.වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව ජනතාවගේ ජල අවශ්‍යතාවයට මූලිකත්වය දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 6 පමණ ජල අවශ්‍යතාවය සැපරීම සඳහා යෝජිත බස්නාගොඩ ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගත්තේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

මේ වැව ඉදිකිරීමෙන් පසුව ග්‍රමසේවක වසම් හාරසිය ගණනකට ජලය ලබා දෙනවා. මේ ජලාශය ඉදිකිරීමට සිය ඉඩම් පරිත්‍යාග කළ සියලු දෙනාට අමාත්‍යංශයේ ගෞරවය පුද කරනවා. මේ පරිත්‍යාගය නිසා ලක්ෂ 6ක පමණ  ජල අවශ්‍යතාවය පිරිමැහෙනවා. ජලාශය ඉදිකිරීම සඳහා නිවාස 97 ඉවත් කරලා තිබෙනවා. ඉඩම් අක්කර 285 ක් මේ ව්‍යාපෘතියට යටවෙලා තිබෙනවා. ඒ අයට නැවත නිවාස හදාගන්න ඉඩම් ලබා වගේම වන්දි ලබා දෙන්නත් රජය පියවර ගන්නවා. අපේ රජයක් ආරම්භ කරපු ව්‍යාපෘතියකින් ජනතාවට හානියක් සිදුවෙලා නැහැ. අපි ජනතාව අසතුටට පත්කරලා නැහැ.

මේ රටේ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස අමාත්‍යංශ නිලධාරීන් සමග රටපුරා ගමන් කරමින් වාරිකර්මාන්තය සම්බන්ධයෙන් සොයා බැලුවා. වාරි සෞභාග්‍යා වැඩපිළිවෙළ  යටතේ  වසර පහක් තුළ කුඩා වැව් පන්දහසක් පමණ පිළිසකර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතු ආරම්භ වෙලා තියෙනවා. මන්නාරමේ ජල හිඟය නිසා වසරකට එක කන්නයයි වගා කරන්නේ.මේ නිසා දෙකන්නයම වගා කිරීමට හැකිවන පරිදි සහල්නැලිය කියන වැවට ජලය ලබා දෙන්න අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වැඩපිළිවෙලින් පස්සේ කන්න දෙකේම වගා කිරීම හැකියාව ලැබෙනවා. ඒ වැව හදන්න  මිලියන විසි හතර දහසක් වැයවෙනවා. අපි අපේ වාරි ව්‍යාපෘති සඳහා දේශීය අරමුදල් යෙදවීමටත්, දේශීය ඉංජිනේරුවන්ගේ ඥානයෙන් යොදා ගැනීමටත් කටයුතු කරමින් තිබෙනවා.

නමුත් බස්නාගොඩ ජල ව්‍යාපෘතියට අදාල වැවට කොන්ත්‍රාත්තුව අත්සන් කර තිබුනේ සෑහෙන කාලයකට පෙරයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා මිලියන තිස් තුන්දාස් හැටක් වැය වෙනවා.අති විශාල මුදලක් වැය කර ඉදිවෙන මේ ජල යෝජනා ක්‍රමය මඟින් අත්තනගල්ල, මිනුවන්ගොඩ ඇතුලු ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කෙරෙනවා. ලංකාව පුරාම මෙවැනි ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. යාපනයේ ජනතාවගේ නියෝජිතයින් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා ගැන සොයා බැලුවේ නැති වුනාට අපි එහෙම කරන්නේ නැහැ. යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවට  පිරිසිදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා.  කලපු ජලාශ බවට පත්කර වැහි කාලයේදි කාලයේදී ජලය එකතු කර, ගොවි ජනතාවට ජලය ලබා දීමට ලබාදීමට දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් රැසක් තිබුනත් වගා කිරීමට අවශ්‍ය තරම් ජලය නැහැ.  මොන තරම් දුෂ්කරතා මධ්‍යෙය් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසදන්න අවශ්‍ය පියවර රජය ක්‍රියාත්මක කරනවා. ජනතාවට යම් යම් අපහසු කම් තිබෙනවා. ඔබට තිබෙන අපහසුතාවයන් ගැන රජයට හොඳ අවබෝධයක් තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළොත් හැකි ඉක්මනින් අපේ රට සංචාරක ක්ෂේත්‍රයට විවෘත කරන්නත්, ආර්ථික වර්ධනය කරා ලගා වෙන්නත් අපිට පුලුවන්.

දේශීය කහ අවශ්‍යතාවය දේශීයව සපයා ගන්න අපට හැකි වෙලා තිබෙනවා.ඒ මගින් මුදල් ඉතිරි වෙනවා. ඉතිරි වෙන ඒ මුදල් මෙවැනි ව්‍යාපෘති සඳහා යෙදවීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. දෙදහස් පහළොවේ දී අපි ඉවසීමෙන් කටයුතු කළා නම් අද වෙනකොට රට සංවර්ධනය කරා ගෙන ගිහින්. රටේ ආර්ථිකය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමග සීඝ්‍රයෙන් ගොඩනැගෙනවා. ඒ උනත් වරාය නගරය සම්බන්ධයෙන් දැන් නොයෙකුත් කතා ඇහෙනවා. හම්බන්තොට වරාය චීනයට දෙනකොට මේ කිසි දෙයක් බැලුවෙ නැහැ.අක්කර 15000ක් චීනයට දෙන්න උත්සාහ කරපු වෙලාවේ මහා සංඝරත්නය ඉදිරිපත් වෙලා එය වළක්වා ගත්තා.මේවා අපි අපේ අනාගත පරපුර සඳහා කරන යුතුකම්. අනාගත පරපුර   වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරනවා. අවුරුද්දක කාලයක් ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කරන බවටත් පොරොන්දු වෙනවා.

No comments

Ads Place