Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙට පාර්ලිමේන්තුව හමුවට

 ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙ...


 ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.


ඒ අනුව එම වසරේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් පෙබරවාරි මස 23 වනදා නිකුත් කෙරුණා.


වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නම් කරන ලැයිස්තුවක් නිකුත් කෙරෙනවා. නොදැනුවත්ව හෝ ක්‍රීඩකයින් මෙම ද්‍රව්‍ය සිය කුසලතා වර්ධනය සඳහා භාවිත කිරීම ඔවුන් තරඟ තහනමකට ලක් කිරීමකට හේතු වන බවයි ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය සඳහන් කළේ. 

No comments

Ads Place