Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හේතු රහිතව දේශසීමාවේ හමුදා රැස්කරන බවට ඉන්දියාවෙන් චීනයට චෝදනා

හේතු රහිතව දේශසීමාව ආසන්නයේ විශාල වශයෙන් හමුදාව රැස්කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවට ඉන්දියාව චෝදනා කර තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය අචාර්ය ...


හේතු රහිතව දේශසීමාව ආසන්නයේ විශාල වශයෙන් හමුදාව රැස්කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවට ඉන්දියාව චෝදනා කර තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය අචාර්ය එස් ජයසංකර් මේ බව ප්‍රකාශ කර ඇත්තේ නවදිල්ලියේදී පැවති සමුලුවක් අමතමිනි.


හමුදා රැස්කිරීමට අමතරව මිසයිල් ඇතුලු යුද උපකරණ පද්ධති ස්ථාපිත කිරීමටද චීනය පියවර ගෙන ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා චෝදනා කර තිබේ.


දෙරට අතර වසර හතලිහක  පමණ කාලයක් ගැටුම් නොැපැවතියද  දේශසීමා සම්බන්ධයෙන් වන ගැටලු විසදී නොමැති බවද ඉන්දීය විදේශ අමාත්‍යාවරයා සදහන් කොට ඇත.


මේ අතර ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් ප්‍රකාශ කර ඇත්තේ චීනයේ මෙම හමුදා ක්‍රියාකාරකම් වර්ධනයන් ඉන්දියාව විසින් සමීපව නිරීක්ෂණය කරන බවයි.

lankacnews

No comments

Ads Place