Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රෝගීන්ට රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන කිසිවක ඉඩ නෑ.. ලොක්ඩවුන් කල යුතුමයි..

  කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ...

 


කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ අසාදිතයන් දහස ඉක්මවූ ප්‍රමාණයක් දිනපතා වාර්තාවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගත නොහැකි බවයි.

එනිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට දින කිහිපයකට හෝ රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව ඔහු සඳහන් කළේය.

රට විවෘතව තිබියදී පුද්ගලයන් සංචාරණ සීමා නොකිරීම නිසා රෝගය තවදුරටත් ව්‍යාප්ත වන බවද ඔහු පැවසීය.

දැනටමත් ආසාදිතයන් යොමු කිරීම සදහා රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ නොමැති බවත් එනිසා රෝගීන් දින දෙක තුනක කාලයක් නිවෙස් වල රැඳී සිටින බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place