Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සභාපති රාජ්‍ය සේවය අවභාවිතයේ.. වහාම විමර්ශණ කණ්ඩායමක් යවයි..

එක්සත් ජාතික පක්ශයට බලය හිමි හගුරන්කෙත ප්‍ර‍දේශිය සභාවේ සභාපතිවරයා විසින් ප්‍ර‍දේශිය සභාවේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් හට සිදුකරන විවිධ බලප...


එක්සත් ජාතික පක්ශයට බලය හිමි හගුරන්කෙත ප්‍ර‍දේශිය සභාවේ සභාපතිවරයා විසින් ප්‍ර‍දේශිය සභාවේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් හට සිදුකරන විවිධ බලපෑම් නිසා ඔවුන්ට මේ වන විට රාජකාරිය නිසි පරිදි සිදුකිරිමට නොහැකිව තිබේ.

මීට සතියකට පෙර මෙම ප්‍රදේශිය සභාවට අයත් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට ස්ථාන මාරුවක් ලබා පැමිනි වෛද්‍යවරිය හට හිමි සේවා ස්ථානය හා බඩු භාහිරාදිය පවරා නොදි සිටිමට මෙම ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා කටයුතු කර තිබේ.

මෙම ගැටලුව පිලිබද වෛද්‍යවරිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ආයුර්වේද කොමසාරිස්වරයා විසින් විමර්ශන නිළධාරින් කණ්ඩායමක් ඊයේ(27) දින ප්‍රදේශිය සභාව වෙත ඒවා තිබේ.

ඊයේ දින ප්‍රදේශිය සභාපතිවරයා විසින් ආයතනයේ අත්සන් ලේඛනය සුලු සේවකයෙකු ලවා ඕනැකමින් අස්තානගත කර අලුත් අත්සන් ලේඛනයක් යොදා තිබේ.

මේ පිළිබද විමර්ශන නිළධාරින් විසින් හගුරන්කෙත පොලිසියද දැනුවත් කර කඩිනම් විමර්ශනයක් අරඹා තිබේ.

මෙම ප්‍රදේශිය සභාපතිවරයා විසින් මෙලෙස සිදුකිරිමට හේතුව ඔහුට හිතවත් දුශන වංචා වලට සහාය ලබාදෙන පෙර සිට් ආයුර්වේද වෛද්‍යවරිය නැවත කෙසේ හෝ සේවයට අනයුක්ත කරගැනිමේ අරමුනින් බව ප්‍රදේශිය සභාවේ ස්වාධීන නිළදාරින් පවසයි.

No comments

Ads Place