Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේස්බුක් මගින් ජනාධිපති විවේචනය කල රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුට විනය පරීක්‍ෂණ…

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර දුන් සමාජ ජාල වල සටහන් පළ කළේය යැයි චෝදනා කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත‍්‍රික් කාර්යාල...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර දුන් සමාජ ජාල වල සටහන් පළ කළේය යැයි චෝදනා කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත‍්‍රික් කාර්යාලවල සේවය කළ දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලවල සේවය කරන්න නිලධාරිනියන් දෙදෙනෙකු පිළිබඳව මෙසේ විමර්ශන ආරම්භ කර ඇති අතර ගම්පහ නිලධාරිනිය විමර්ශනය නිම වන තෙක් නුගේගොඩ ප්‍රධාන කාර්යාලය මාරු කර ඇතැයිද ඒ මහතා සිය සමාජ ජාලයේ සටහනක් තබා ඇත.

විෂය භාර අමාත්‍යංශය ලේකම්වරියගේ අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් සභා ආයතන සභාපතිවරයාට දැනුම් දී ඇත්තේ අදාල නිලධාරිනියන් ජනාධිපතිවරයා විවේචනය කර ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඊට අදාළ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

No comments

Ads Place