Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එරික් පෙරේරාට දුෂණ චෝදනා රැසක් තිබෙන නිසා වෙන්නප්පුවෙන් මාරු කලා..- සරත් වීරසේකර

  වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරු වීමක් සිදු කළේ දේශපාලන හේතුවකට නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහ...


 වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරු වීමක් සිදු කළේ දේශපාලන හේතුවකට නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව ඉදිරිපත් වී තිබූ පෙත්සම් රැසක් සැලකිල්ලට ගැනීමෙන් පසු ස්ථාන මාරුව ක්‍රියාත්මක කළ බවද ඔහු පැවසීය.

මෙම ස්ථාන මාරුව තවත් එක් මාරු වීමක් පමණක් බව කී ඔහු හමුදාව සේම පොලිසියද ස්ථාන මාරුවීම් නිතර සිදු කිරීම සාමාන්‍ය දෙයක් යැයිද සඳහන් කළේය.

එරික් පෙරේරා වැනි දක්ෂ නිලධාරීන් පොලිසියේ තවත් සිටින බවත් අලුතෙන් වෙන්නප්පුවට යවන ලද සහකාර පොලිස් අධිකාරී වරයාද එවන් දක්ෂයෙක් බවත් ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place