Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුව නොතිබුනා නම් ලංකාවේ මිනිස්සු කොරෝනා හැදිලා පාරෙ මැරිලා වැටෙනවා..

  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ල...


 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.

මෑත ඉතිහාසයේ මානව වර්ගයා මුහුණ දුන් බායානතම ව්‍යසනයට මුහුණදෙමින් තිබෙන අවස්ථාවක්. අපි දකිනවා ඉන්දියාවේ, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ත්තවය පිළිබඳව.

අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය නොහිටියනම්, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාලනයේ නොසිටියානම් මේ රටේ වියහැකි ව්‍යසනය මම හිතන්නේ අපිට හිතාගන්න බැරිවෙයි.

අමතක කරන්න එපා පසුගිය රජය පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරිවූ අය පාලනයේ සිටියේ.

මම හිතන්නේ පසුගිය රජය හිටියනම් අද වෙනකොට ජනතාවට පාරවල මැරිලා වැටිලා ඉන්න සිද්ධවෙන තත්වයකට මේ රට පත්වෙන්න තිබ්බා.

මේ රටේ ව්‍යසනයක් ඇතිවී තිබෙන අවස්ථාවක රජය නිසි ලෙස ආර්ථිකය කළමණාකරණය කරලා, මේ රටේ ජනතාව බඩගින්නේ සිටීමට ඉඩ තිබ්බේ නෑ. රජයෙන් සහනාධාර ලබාදුන්නා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

No comments

Ads Place