Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක්! ගැබිණි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකියි – විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා

 අවුරුදු නිවාඩුවෙන් අනතුරුව කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් පවතින බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඕනෑම හදිසි අවස්ථාවකදී ළඟම තිබ...


 අවුරුදු නිවාඩුවෙන් අනතුරුව කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් පවතින බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඕනෑම හදිසි අවස්ථාවකදී ළඟම තිබෙන රජයේ රෝහල වෙත යාමට හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සියලුම ගර්භණී මව්වරුන්ට දැනුම් දෙයි.


කොවිඩ් එන්නත ලබා නොදෙන කණ්ඩායමක් වන්නේ ගර්භණී මව්වරුන් බැවින් ඔවුන්ට කොවිඩ් වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ලවිය හැකි බැවින් නියමිත සායනයන්ට සහභාගිවන විට සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින ලෙස අධ්‍යක්ෂවරිය සියලුම ගර්භණී මව්වරුන්ට දැනුම් දී තිබේ.


වැඩි වශයෙන් පිරිස් ගැවසෙන ස්ථානයන්ට නොයන ලෙසත් හැකි පමණ නිවස තුළ කාලය ගතකිරීමට උත්සහ කරන ලෙසත් වෛද්‍ය චිත්‍රමාලි මහත්මිය ගර්භණී මව්වරුන්ට දන්වා සිටියි.


ගර්භණී මවකට කොවිඩ් ආසාදනය වුවහොත් කොවිඩ් දෙවන රැල්ලේදි අනුගමන කළ ක්‍රියා පටිපාටියම අනුගමනය කරන බව ද ඇය සඳහන් කරයි.

noizetv

No comments

Ads Place