Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ කොරෝනා සමාජ පැතිරීමක..? විශාල පොකුරක අවදානමක්.. සංචරන සීමා ගැන අවදානය..

  කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය 8%ක් දක්වා අලුත් අවුරුද්දෙන් පසුව ඉහළ ගොස් තිබේ. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාර...

 


කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය 8%ක් දක්වා අලුත් අවුරුද්දෙන් පසුව ඉහළ ගොස් තිබේ.

කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ අලුත් අවුරුද්දට පෙර එම අගය වාර්තා වූයේ පරීක්ෂණ සීයක් කළ විට ඉන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ එක් අයකු පමණක් බවයි.

19 වැනිදා පුද්ගලයන් 225 දෙනෙකු අහඹු ලෙස පරික්ෂා කිරීමෙන් 18 දෙනකු ආසාදිත ලෙස හමුවූ බවත් එය 8%ක ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

මෙය ඉතාම පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක් එය ද ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයයේ මතය වන්නෙ අහඹු ලෙස සිදු කරන පරීක්‍ෂණවලින් 5% ඉක්වමා රෝගීන් වාර්තා වන්නේ නම් එය සමාජ පැතිරීමක් බවයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා විශාල පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති නිසා ජනතාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා රෝගය ක්‍රමයෙන් වැඩි වන විට අප නොදැනුවත්ම විශාල පොකුරු ඇතිවිය හැකි බවත් මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් එසේ වුවහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදු වනු ඇති බවත් හෙතෙම පැවසීය.

No comments

Ads Place