Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විජයදාසට ඇමතිකම් නැහැ : දැන් ඔය හදන්නේ පිල් මාරුවක් කරන්නයි - රජයේ ඇමතිවරයෙකුගෙන් ප්‍රහාරයක්

  වරාය නගරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ රාජපක්ෂවිසින් පෙන්වා දුන් කාරණා සියල්ල සාවද්‍ය කාරනා බවත් මේ වන විට එය රජය...

 


වරාය නගරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ රාජපක්ෂවිසින් පෙන්වා දුන් කාරණා සියල්ල සාවද්‍ය කාරනා බවත් මේ වන විට එය රජයක් ලෙස වත්මන් රජය සත්‍ය ලෙසම ඔප්පු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

විජයදාාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරමින් නැවත උත්සහ දරන්නේ පැති මාරු කිරීමේ තවත් අරමුණක් ඉටු කර ගැනීමට මාර්ගය සලසා ගැනීමට බවද ඔහු සඳහන් කළේ.

“මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම කෙනෙක් විරෝධතාවයක් නෑ. මේ පිළිබඳ විරෝධතාවයක් දක්වන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් අපි දකින්නේ ඒ කෙනා මේ රටේ තියෙන දුප්පත්කම , ආර්ථික වශයෙන් තියෙන පසුබෑම එහෙමත් නැත්නම් මේ රට ඉදිරියට යෑම වලක්වලා තමන්ගේ පුද්ගලික පරමාර්ත වෙනුවෙන් ඒක තමන්ගේ ජීවන උපාය හැටියට කරගන්න  අයට විතරයි මේ විරෝධතාවය ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්නේ.

මේ රටේ හැරවුම්  ලක්ෂය අරගෙන එන්නේ මෙතනින්. ඒකට අකමැති කණ්ඩායම් විරෝධතා දක්වනවා අද අපට පේන්න තියෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහතා විසින් පෙන්නලා දීපු කාරනා සියල්ල අද සාවද්‍ය කාරනා කියලා අපි සත්‍ය වශයෙන්ම ඔප්පු කරලා තියෙනවා.

එතුමාගේ පරමාර්තය එතුමාගේ දේශපාලනය පුද්ගලික වශයෙන් පැති මාරු කිරීමේ තවත් අරමුණක් එක්ක එතුමා ඒ ප්‍රකාශය  කරලා තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් එතුමාට ඇමතිකම් ලබා දෙන්නවත් , වරප්‍රසාද ලබා දෙන්නවත් රජයක් හැටියට අපි සූදානම් නෑ.ඒ නිසා රටට ද්‍රෝහීකමක් කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම තමයි මේ ක්‍රියාත්මක වෙන්න හදන පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ තමන්ගේ මතය ප්‍රකාශ කිරීම.” රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

nethnews

No comments

Ads Place