Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපන සරසවියේ නව යුද ස්මාර්කය සිසුන්ගේ කැමත්තට විවෘත කරයි…

  යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරණ ලද නව යුද ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23)  විවෘත කරණු ලැබීය. මෙම යුද ස්...


 යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරණ ලද නව යුද ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23)  විවෘත කරණු ලැබීය.

මෙම යුද ස්මාරකය අද දිනයේදී විවෘත කිරීම සදහා ආරාධනය ලැබ සිටි යාපනය විශව විද්‍යාලයේ උප කුලපති ශ්‍රී සත්ගුණරාසා මහතා හදිසියේ වැළදුණු  හෘදයාබාධයක් හේතුවෙන් 22 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීම නිසා විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ කැමැත්තට යුද ස්මාරකය විවෘත කොට තිබේ.

මීට පෙර මෙම විශ්ව විද්‍යාලයේ තිබූ යුද  ස්මාරකය අනවසර ඉදි කිරීමක් බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නම් කිරීමෙන් පසුව එම ස්මාරකය ජනවාරී මස 8 වෙනිදා රාත්‍රී යාපනය විශව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් කඩා ඉවත් කරණු ලැබීය.

පසුව යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊට එරෙහිව හටගත් දැඩි විරෝධයක් නිසා උප කුලපතිවරයාටම  නව යුද ස්මාරකයක් ඉදි කිරීම සදහා ජනවාරී 15 දා මුල්ගල තැබීමට සිදු වුණි.

අනතුරුව විවිධ සංවිධානවල ප්‍රතිපාදන යටතේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් නව යුද ස්මාර්කය ඉදිකරනු ලැබීය.

No comments

Ads Place