Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය නගරයේ වැටුප් ගෙවන්නේ ඩොලර්වලින්…

  කොළඹ වරාය නගරයේ ආයෝජකයාට කිසිසේත්ම භූමියේ අයිතිය නොලැබෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි. ආයෝජයාට...

 


කොළඹ වරාය නගරයේ ආයෝජකයාට කිසිසේත්ම භූමියේ අයිතිය නොලැබෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.

ආයෝජයාට ලැබෙන්නේ බදු වශයෙන් ලැබෙන ඉඩම් කොටස භාවිතා කිරීමේ අයිතිය පමණක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

වරාය නගරය සඳහා වෙනම පනතක් ගෙන එන්නේ එහි පැමිණෙන ආයෝජකයන් විශාල කාලයක් රස්තියාදු නොකර ඔවුන් සඳහා එකම වහලක් යටින් සියලුම ලිඛිත කටයුතු සිදුකර ගැනීමට පහසු කිරීම සඳහා බවද ඔහු පවසයි.

එම විශේෂ කලාපයේ ගනුදෙනු කරන්නේ ඩොලර් වලින් නම් වැටුප් ගෙවන්නේ ද ඩොලර් වලින් බවද ඔහු පැවසීය.

ලොව පුරා පිහිටි මෙවන් විශේෂ කලාපයන්හි ගනුදෙනු සිද්ධ වන්නේ එම රටේ මුදල් ඒකකයෙන් නොව ජාත්‍යන්තර මුදල් ඒකකයකින් බවද ඒ මහතා කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place