Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් කෝවිල් උත්සවය පැවැත්වු කෝවිලේ පාලක සභාවේ සභාපති හා ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් යාපනය වණ්ණාර්පන්නෙයි ශ්‍රී කමාච්චි අම්බාල් කෝවිලේ තේර් උත්සවය පැවැත්වීමට කටයුතු කළ කෝවිල් පාලක සභාවේ සභාපතිවරයා...


සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් යාපනය වණ්ණාර්පන්නෙයි ශ්‍රී කමාච්චි අම්බාල් කෝවිලේ තේර් උත්සවය පැවැත්වීමට කටයුතු කළ කෝවිල් පාලක සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා ඊයේ (27) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.


පොලිසිය පැවසූවේ සැකකරුවන් විසින් සෞඛ්‍ය අංශ නිකුත් කළ මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරමින් ජනතාව විශාල පිරිසක් එක්රැස් කොට කටයුතු කීරිම හේතුවෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ කෝවිලේ පූජක කමිටුවේ, පූජාවේ වාදය කණ්ඩායමේ හා කෝවිල් පාලක සභාවේ සියළුදෙනා පි.සි.ආර්.පරීක්ෂාවන් වෙනුවෙන් යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් හරහා කටයුතු කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.


අදාළ පි.සි.ආර් වාර්තා මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments

Ads Place