Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මට ඕනෑ කසිප්පු කාරයන්ව බේර ගන්නයි.. ASP දූෂිතයෙක්.. ඔහුට ගෙවල් දෙකක් තිබෙනවා.. ගිය වසරේ තුන් වරක් රට ගියා..- අරුන්දිත

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා දූෂිතයෙක් බවත් ඔහුට නිවාස දෙකක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර...


වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා දූෂිතයෙක් බවත් ඔහුට නිවාස දෙකක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරිවරයා පසුගිය අවුරුද්දේ තුන් පාරක් විදේශගත වී ඇති බවත් ඔහුගේ දූෂිත චෝදනා ඇතුළත් පොතක් හදා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එනිසා ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ස්ථාන මාරුවක් සිදු කරන ලෙස සරත් වීරසේකර ඇමතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී තමන් ඉල්ලා සිටියේ සුළු පරිමාණයෙන් කර කසිප්පු පෙරන අය සඳහා විකල්ප වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට බවත් ඒ ඔවුන් ඉන් බේරාගැනීමට බවද ඇමතිවරයා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

lankacnews


No comments

Ads Place