Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ASP එරික් පෙරේරා මාරුවෙන් වෙන්නප්පුවේ වසා දැමූ ගණිකා නිවාස යලි ඇරේ…

  සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන...

 


සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ නියෝග මත වසා දමන ලද වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස යළි විවෘත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර නගරයේ පිහිටා තිබූ තවත් සම්බාහන මධ්‍යස්ථාන අටක් ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් බල ප‍්‍රදේශයන්හි පාසල්වල විදුහල්පතිවරුනගේ්, ආගමික ස්ථානවල නායකයන්ගේ සහ දෙමවුපියන්ගේ ඉල්ලීම මත සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබිණි.

මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පාසල් දරුවන් යෑමේ ප‍්‍රවණතාව වැඩිවීම නිසා ඒවා වසා දැමීමට පියවර ගෙන තිබිණි.

මේ වන විට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරී ලෙස ස්ථාන මාරුකර ඇත.

No comments

Ads Place