Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරකයන්ට තඹ තොග ලබා දීම ගැන බදියුදීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. දින 90ක් අතුලේ..

  පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල...


 පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

රිෂාඞ් බදුර්දීන් සහ සොහොයුරා දින 90ක කාලයක් රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව ඔවුන්ගෙන් වෙන වෙනම ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප‍්‍රහාරයේදී මොහොමඞ් ඉල්හාම් නමැත්තා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ලකර සියදිවි හානිකර ගෙන තිබිණි. මොහොමඞ් ඉල්හාම් සහ ඔහුගේ පියා වන ඊබ‍්‍රාහිම් නමැත්තා මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගේ සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහොමඞ් ඉල්හාම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ පිහිටා තිබූ අතර ඊට විශාල වශයෙන් අබලි තඹ ලබාගෙන ඇත්තේ රජයේ ආයතනවලින්ය.

එම තඹ තොග වැඩි ප‍්‍රමාණයක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීමට කටයුතු කර ඇත්තේ එවකට රජයේ ඇමැතිවරයකු වූ රිෂාඞ් බදුර්දීන් විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම අයතා ක‍්‍රමවලට තඹ තොග ලබාදීම හරහා ත‍්‍රස්ථවාදීන්ට මුදල් උපයා ගැනීමට අවශ්‍ය ඉඩ ලබාදුන්නේද යන්න පිළිබඳව රිෂාඞ් බදුර්දීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග කීය.

No comments

Ads Place