Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය් කළ පොලිස් නිලධාරියාට වසර 75ක සිර දඬුවමක්

  පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ ආන්දෝලනාත්මක ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ චූදිතයා වන පොලිස් නිලධාරි ඩෙරික් ඩාවින්ට එරෙහිව නගා ...

 


පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ ආන්දෝලනාත්මක ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ චූදිතයා වන පොලිස් නිලධාරි ඩෙරික් ඩාවින්ට එරෙහිව නගා ඇති චෝදනා 03ට වරදකරුවන් බවට පත්කරමින් එරට අධිකරණයක් විසින් ඔහුට  වසර 75ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.


මෙම ඝාතනය 2020 වසරේ මැයි මස 20 වෙනිදා සිදුවූ අතර එමගින් ලොවපුරා දැඩි විරෝධතා රැල්ලක් ඇතිවූවා.


ජුරි සභාවක් ඉදිරියේදී විභාගයට ගැනුණු මෙම නඩු විභාගයේ අවසන් තීන්දුවට එළඹීමට එම සභාවට පැය 10ක කාලයක් ගතව තිබෙනවා.


තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිශ්චකරු පීටර් චායිල් ජුරි සභාවට විශේෂ ස්තුතියක් පුදකර සිටියා. 


නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී චුදිත ඩෙරික් ඩාවින්ට අධිකරණය තුල හැඟීම් විරහිතව සිටින අයුරු දක්නට ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


මේ අතර ජෝර්ජ් ෆොලෝයිඩ් ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි ජනතාව හඬ නගමින් සිය සතුට ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.




nethnews

No comments

Ads Place