Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විවාහක රූ රැජිණ ගෝරියෙන් රජයට ලක්ෂ 7ක් අලාභයි

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියෙන් රජයට රුපියල් ල...


කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියෙන් රජයට රුපියල් ලක්ෂ 07 අලාභයක් සිදු වී ඇති බවට කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත ඊයේ (19) කරුණු වාර්තා කර සිටියේය. ඊයේ මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකාරියන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර කුරුඳුවත්ත පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා යන අය විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පසුගිය 08 වන දින සැකකාරියන් දෙදෙනා කුරුඳුවත්ත පොලිසිය වෙත ප්‍රකාශ දීමට පැමිණි බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් සමාව ගැනීමකින් තොරව මෙම සිද්ධිය සමතයකට පත් කර ගැනීමට පුෂ්පිකා ද සිල්වා යන අය ප්‍රතික්ෂේප කළ බවත් එහිදී සමාව ඉල්ලීම සැකකාරියන් දෙදෙනා ද ප්‍රතික්ෂේප කළ බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


එහිදී ප්‍රකාශ දීමෙන් අනතුරුව සැකකාරියන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත් ඒ අනුව අද දින අධිකරණය හමුවේ පැමිණිල්ල ගොනු කළ බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.


මේ සිදුවීමේ දී රජයට රුපියල් ලක්ෂ 07ක අලාභයක් සිදු වී ඇති බවට කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වා සිටි අතර පුෂ්පිකා ද සිල්වා යන අයට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ද ඇති බවට පුෂ්පිකා ද සිල්වා යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.


එහිදී රජයට රුපියල් ලක්ෂ හතක පාඩුවක් සිදු වූ බවට පොලිසිය විසින් ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබි බැවින් සැකකාරියන් දෙදෙනා ඇප මත මුදා හරින බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.


2019 ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන අයට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් බැගින් නියම කර මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (19) නියෝග කළේය.


එසේම රජයට සිදු වූ යැයි කියන අලාභය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරි දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසිය වෙත නියම කළ අතර මෙම නඩුව නැවත ලබන ජූනි මස 28 වන දින කැඳවීමට නියෝග කළේය.

noizetv

No comments

Ads Place