Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින් 6 දෙනෙකු රුධිරය කැට ගැසීම් වාර්තා වුණා : ඉන් තිදෙනෙක් මියගියා - සෞඛ්‍ය ඇමති

  ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්ච...

 


ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා.


එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් මෙරට ද පුද්ගලයින් 06 දෙනෙකු රුධිරය කැට ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි ඇය සඳහන් කළේ. 


එමෙන්ම මේ දක්වා කොවිඩ් එන්නත ලබාදීමෙන් රුධිර කැට ගැසීමේ ප්‍රවනතාවය සම්බන්ධයෙන් මේ දක්වා පැහැදිලි සාක්ෂියක් හෙළිවී නොමැති බවයි සෞඛය අමාත්‍යවරිය සඳහන් කළේ. 


මෙරට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු යම් පුද්ගලයෙකුට සංකුලතාවයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට 0113-415985 යන අංකය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති බවත් ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.


මේ අතර මෙරට කොරෝනා මර්ධන එන්නත ලබාදුන් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදිම ලබන මැයි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කරන බවටද ඇය මෙහිදී සඳහන් කර සිටියා.

nethnews

No comments

Ads Place