Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දඹුල්ලේ බරපතලයි.. ආසාදිතයන් 37ක් නිවෙස්වලම රදවයි….

  කොරෝනා ආසාදිත ලෙස හඳුනාගත් පුද්ගලයන් 37 දෙනකු ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට නොහැකිව දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිවාසවල රඳවා සිටි...

 


කොරෝනා ආසාදිත ලෙස හඳුනාගත් පුද්ගලයන් 37 දෙනකු ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට නොහැකිව දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිවාසවල රඳවා සිටියි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරන්නේ ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ආසාදිතයන් කඩිනමින් ප්‍රවාහනය කිරීමට උත්සාහ ගත්ත ද ගිලන්රථ නොමැතිවීම නිසා ගැටළු ඇති වී තිබෙන බවයි.

කෙසේ නමුත් ආසාදිත පුද්ගලයන් දඹුල්ල සති පොල භූමියට රෝහල් ගිලන් රථයෙන් ගෙනැවිත් බස් රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

No comments

Ads Place