Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු සමයේ පාරිභෝගික නීති කඩකළ වෙළදුන් 35 දෙනෙකුට නඩු

 සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පාරිභෝගික නීතිරිති උල්ලංඝණය කළ වෙළදුන් 35 දෙනෙකුට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධි...


 සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පාරිභෝගික නීතිරිති උල්ලංඝණය කළ වෙළදුන් 35 දෙනෙකුට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.


ඉකුත් සති දෙක තුළ ගාල්ල, බලපිටිය, ඕපාත, පිටිගල සහ බද්දේගම යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී එම වෙළදුන් හදුනා ගැණුනු බව එම අධිකාරිය සදහන් කළා.


කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සදහා ප්‍රදර්ශනය කිරීම, අළෙවි කිරීම, මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික නීතිරීති යටතේ එම වෙළදුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.


පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ  ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් එම වැටලීම් සිදුකර තිබෙනවා.

No comments

Ads Place