Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිට පිට තුන්වන දිනටත් මෙරට දෛනික ආසාදිතයින් 300 සීමාව ඉක්මවයි

පිට පිට තුන්වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනිකව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් 300 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොර...


පිට පිට තුන්වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනිකව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් 300 සීමාව ඉක්මවා ගියා.


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 367 ක්. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 94 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


ඉන් ආසාදිතයින් 13 දෙනෙකු පන්නිපිටිය ප්‍රදේශයෙන් සහ ආසාදිතයින් 11 දෙනෙකු මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.


ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 8 දෙනෙකු වාර්තා වූයේ රාගම ප්‍රදේශයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


ඉන් 25 දෙනෙකුම වාර්තාවූයේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා.


මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


පවතින තත්ත්වය හමුවේ මෙරට සිදුකරන දෛනික  පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාවද යළි වැඩි කර තිබෙනවා.


ඒ අනුව ඊයේ දිනයේදී පමණක් මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 9,431 ක්. මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 97,472 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


ඉන් ආසාදිතයින් 93,547 දෙනෙකු සුවය ලබා ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,305  දෙනෙක් පමණයි. මෙරටින් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වුණා.


එලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය, පානදුර, රත්නපුර, යාපනය සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

nethnews

No comments

Ads Place