Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

  2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ අවසන් මහා තරගය හතර වැනිදා සවස 6.00ට පමණ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ ව...


 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ අවසන් මහා තරගය හතර වැනිදා සවස 6.00ට පමණ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විණි. ඒහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ 1973 වසරේ පැවැති ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ දිනාගත් අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ 1985 වසරේ විවාහක ලෝක රූ රැජින කිරුළ දිනාගත් වර්තමාන කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානයක යන දෙපළයි. මීට අමතරව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය. මෙම තරගාවලියේ තරග තීරකවරිය වූයේ වර්තමාන විවාහක ලෝක රූ රැජින වූ කැරොලයින් ජූරිය.

තරගකාරිණියන් විසි දෙනකුගෙන් සමන්විත වූ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ අවසන් තරගකාරිණියන් තිදෙනා ලෙස කිරුළ වෙනුවෙන් තරග වැදුණේ 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජන කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා, ආශ්‍යා බස්නායක සහ දිනාලි ජයසිංහය.

තිදෙනාගෙන් දිනාලි ජයසිංහ ඉවත් වී පුෂ්පිකා ද සිල්වා සහ ආශ්‍යා බස්නායක අවසන් තරග බිමේ ඉතිරි විය. තරගකාරිණියන් දෙදෙනා අවසන් තීරණය ලබාදෙන තුරු දෙඅත් අල්ලාගෙන නොඉවසිල්ලෙන් පසුවෙද්දී තීරණාත්මක මොහොත උදාවිය. 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස අංක 20න් තරග වැදුණු පුෂ්පිකා ද සිල්වා කිරුළ දිනාගත් බව මුළු සභාගැබෙහිම ඔල්වරසන් මධ්‍යයේ ප්‍රකාශයට පත්විය.

එම ජය ඝෝෂා මධ්‍යයේ වර්තමාන විවාහක රූ රැජන වූ කැරොලයින් ජූරි, ශිරන්ති රාජපක්ෂ සහ චන්දිමාල් ජයසිංහ අතින් පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින ලෙස කිරුළ හිස දැරීය. නමුත් ඇය හිස පළන් කිරුළ හිසෙන් ගැලවී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇයට කිරුළ පැලැන්දූ කැරොලයින් විසින්ම නැවතත් ඇයගේ කිරුළ ගලවා දෙවැනිස්ථානය හිමි වූ ආශ්‍යා බස්නායක වෙත පලඳවන ලදී. මෙම සිදුවීමට පෙර හදිසියේ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පවසා සිටියේ තරගයේ නීති රීතිවලට අනුකූලව විවාහක මිස දික්කසාද කාන්තාවකට කිරුළ හිමි නොවන බවය. ඒ නිසා පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී ඇති බැවින් ඒම කිරුළ දෙවැනි ස්ථානය හිමිකරගත් තරගකාරිනියට ලැබිය යුතු බව ඇය පැවසීය.

ඉන්පසු පුෂ්පිකා හිස දරා සිටි කිරුළ ගලවා ඉවත් කිරීමට ද කැරොලයින් ජූරි පසුබට නොවීය. ඇයගේ සහායට වේදිකාවට තවත් තෝල්කයකු පැමිණියේය. ඒ නිරූපණ ශිල්පිණී චූලා පද්මේන්ද්‍රය. ඇය පුෂ්පිකාගේ හිසෙහි තිබුණු කිරුළ වැරෙන් ඇද ඇයට බැණ වදිණු දැකගන්නට ලැබිණි.

ඒලෙස 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ආශ්‍යා බස්නායක 2020 කිරුළ පලන් රූ රැජින විය. එම මොහොතේ දෙනෝදහසක් ප්‍රේක්ෂකයා ඉදිරියේ දික්කසාද ගැහැනියක් ලෙස හංවඩු ගැසුණු පුෂ්පිකා වහා වේදිකාවෙන් බැස ගියාය. මෙම සිදුවීමත් සමග සමාජ මාධ්‍යයන් ඔස්සේ කටගැස්මක් වූයේ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රය. ඒ අතරින් කාගේත් අනුකම්පාව හිමිකරගත්තේ පුෂ්පිකාය.

මේ පිළිබඳව තරග සංවිධායක රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගෙන් අප කළ වීමසීමකදී ඔහු පවසා සිටියේ තරගයට සහභාගී වූ සියලුම තරගකාරිනියන් සුදුසුකම් සපිරූ තැනැත්තියන් බවත් ඔවුන් ගිවිසුම්ගතව තරග නීති රීති පිළිබඳ දැනගෙන තරගයට සහභාගී වූ බවත්ය. නමුත් තරග විනිශ්චයකාරිනිය එම තරගයට පුෂ්පිකා නොසුදුසු නම් ඇය ඉවත් කිරීමට ඇති තරම් කාලයක් ඉතිරිව තිබූ බව චන්දිමාල් පවසයි. අවසන් දිනයේදී වුවද විනිශ්චය මණ්ඩලයට තමන්ගේ තීරණය දැනුම් දීමට හැකියාවක් තිබියදී වුව කැරොලයින් ඒ සඳහා කිසිදු පියවරක් නොගෙන ඇය විසින්ම ඔටුන්න පැලැන්දූ පසු හිසින් උඳුරාගැනීම ඉතාමත් ද්වේශ සහගත ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

‘’කැරොලයින් වැරදියි. ඇය සිදුකළ ක්‍රියාව ශිෂ්ට සම්පන්න නැහැ. ගැහැනියක් විදිහට ප්‍රශ්නයක් විසඳිය යුතු පිළිවෙළක් තියෙනවා. අපිට ඔය ප්‍රශ්නේ තිරයෙන් පිටුපස කතා කරලා විසඳගන්න තිබුණා. විනිශ්චයකරුවන් පවසන කෙනා තමයි ජයග්‍රාහිකාව. නැතුව කැරොලයින්ට උවමනා කෙනා නෙවේ. තමන්ට උවමනා දේ වෙනුවෙන් චණ්ඩිකම් පෙන්නපු එක ලෝක රූ රැජිනක් ලෙස අශිෂ්ට ක්‍රියාවක්. කැරොලයින් ගැන හරිම කනගාටුයි. මේ වෙද්දී මුළු රටක්ම කැරොලයින්ට බණිනවා. චූලටත් ඔතන කිසිම අවශ්‍යතාවයක් නෑ වේදිකාවට ඇවිත් ඔටුන්න ගලවන්න. ඇය තරගය බලන්න ආපු කෙනෙක්. චූලත් මං හිතන්නේ තරගකාරිණියන් කිහිප දෙනෙක් පුහුණු කළා. නමුත් චූලා පුහුණු කරපු කිසිම තරගකාරිණියක් අවසන් තරගෙට පැමිණියේ නැහැ. ඒ‍ කේන්තියත් ඇය‌ගේ හිතේ තියෙන්න ඇති. මේක හැමෝටම තේරෙනවා පළිගැනීමේ චේතනාවෙන් සිදුකරපු දෙයක් බව යැයි ඔහු පැවසීය. කෙසේ වෙතත් මේ වනවිට පුෂ්පිකා ද සිල්වා සිටින්නේ රෝහල්ගතවය. ඒ ඇයගේ හිසින් කිරුළ ගලවන අවස්ථාවේදී හිස් කබලට සිදු වූ තුවාල හේතුවෙනි. ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම තුළින් දන්වා තිබුණේ ඇය දික්කසාද ගැහැනියක නොවන බවකි. ඇය දික්කසාද ගැහැනියක බව හැකිනම් ඔප්පු කරන ලෙස ඇය තරග සංවිධායකවරුන්ට අභියෝග කර තිබේ. තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වාම ඇයව ඉවත් කිරීමට ඔවුන්ට ඉඩ තිබූ බවත් ඒසේ නොකර සිදු කළ මෙම අපහාසය වෙනුවෙන් මේ වනවිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇය දන්වා සිටී.

No comments

Ads Place