Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීති විරෝධී අයුරින් රටින් පනින්න හැදු 20 දෙනෙකු සිලාවතුරේදී අත්අඩංගුවට

 නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව සිලාවතුර, කොන්...


 නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.


වයඹ නාවික විධානය මඟින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ එම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රීරෝද රථ 04 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි ගමන්ගත් පුද්ගලයින් 20 දෙනෙක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.


එම පිරිස අතරට පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු කාන්තාවන් 04 දෙනෙකු,  වයස අවුරුදු 13 ක  ගැහැණු ළමයෙකු  සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙකු අයත්. ඔවුන් මුලතිව්, යාපනය, මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි  හඳුනා ගෙන ඇත්තේ. නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද එම පිරිස අතර සිටින බවට සැක කෙරෙන බව නාවික හමුදාව සදහන් කළා. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. 


නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් ඉකුත් මාර්තු 11 වනදා ද  සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

No comments

Ads Place