Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පිටිසර ගම්මානවල තරුණියන් ගෙන්වා ගණිකා වෘත්තියේ යොදවලා : තරුණියන් 18ක් සහ තැරැව්කරුවන් අත්අඩංගුවට

  ඈත පිටිසර ගම්මානවල පදිංචි රූමත් යුවතියන්ට රැකියා ලබාදෙන බවට පවසා නගරයට ගෙන්වා පසුව ඔවුන් සංවිධානාත්මකව ගණිකා වෘත්තියට යොමු කළ බව කියන ජාවා...

 


ඈත පිටිසර ගම්මානවල පදිංචි රූමත් යුවතියන්ට රැකියා ලබාදෙන බවට පවසා නගරයට ගෙන්වා පසුව ඔවුන් සංවිධානාත්මකව ගණිකා වෘත්තියට යොමු කළ බව කියන ජාවාරම්කරුවන් පස් දෙනකු සහ එම ගණිකා නිවාසවල රැඳී සිටි ළාබාල යුවතියන් 18 දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.

 

 මෙම ගණිකා නිවාස වටලන ලෙසට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව වැටලීම් මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් සිදුකර ඇත.

 

 මෙම ගණිකා නිවාසවල රැුඳී සිටියදී අත්අඩංගුවට ගත් තරුණියන් පිරිස නිකවැරටිය, තිස්සමහාරාමය, පොලොන්නරුව ආදී දුර බැහැර ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 18-26 අතර වයස්වල පසුවේ.

 

ඔවුන් සම්බාහන ආයතනවල රැඳී සිට අත්අඩංගුවට පත් වූවන් වන අතර ඔවුන් සම්බාහනය කියන්නේ කුමක්දැයි පවා නොදන්නා බවත් ඔවුහු පවසයි. 


අත්අඩංගුවට ගත් තරුණියන් සහ එම ජාවාරම මෙහෙයවූවන් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා ගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂකවරුන් වන සම්පත් දිසානායක සහ ඉන්දික යන මහත්වරුන් වැටලීමට සහභාගි විය.

No comments

Ads Place