Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැය 18ක් තුල රථවාහන නඩු 6800ක් සහ බිමත් රියැදුරන් 900ක් අත්අඩංගුවට

  පසුගිය අප්‍රේල් මස 18 වෙනිදා දහවල් 12.00 සිට ඊයේ උදෑසන 6.00 දක්වා වූ පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙන...

 


පසුගිය අප්‍රේල් මස 18 වෙනිදා දහවල් 12.00 සිට ඊයේ උදෑසන 6.00 දක්වා වූ පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.


අලුත් අවුරුදු කාල සීමාවේදී ගම්බිම් බලා ගිය ජනතාව නැවත පැමිණීමේදී ඔවුන්ව රථ වාහන අනතුරු වලින් වලක්වා ගැනීමට සහ වේගයෙන් රිය පැදවීම අවම කිරීම සඳහා මෙම විශේෂ රථවාහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.


මේ අතර මෙම කාල සීමාව තුලදී විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 6898ක් පොලිසිය විසින් ලබාගෙන ඇත. සිදුකළ විශේල්ෂණයකදී වැඩි වශයෙන් මාර්ග නීති උල්ලංඝණය කිරීම් සිදුකර ඇත්තේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියැදුරන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ පැවසුවේ.


වසරකදී මෙරට සිදුවන රිය අනතුරු වලින් සීයයට 75 කට ආසන්න ප්‍රතිශතයක් සඳහා වගකිව යුතු වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් ඒවා පදවන රියැදුරන් දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ.

No comments

Ads Place