Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පමුණුව රෙදි කඩයක කොරෝනා රෝගීන් 17ක් : කොටුවේ බැංකුවක සේවකයින් 35කටත් කොරෝනා

  මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. වෙළෙඳ සැලේ සිටි 46 දෙනකුට සිදුකළ PCR...

 


මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. වෙළෙඳ සැලේ සිටි 46 දෙනකුට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත. 


පසුගිය අවුරුදු සමයේ මහරගම පමුණුව රෙදිපිළි මිලදී ගැනීම සඳහා අධික ජනතාවක් රැස්ව සිටියා. මෙම වෙළදසැලේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණ මගින් සෙසු ආසාදිතයින් 16 දෙනා හඳුනා ගෙන ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.


මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඉන් 35 කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඉන් 18 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇත.


කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කලේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සහ අහඹු PCR පරීක්ෂණ 600කට ආසන්න පිරිසක් සිදුකිරීමට නියමිත බවයි.


මේ අතර පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ PCR පරික්ෂණ 130ක් මගින් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු හඳුනා ගෙන ඇති බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.


ඇරැව්වල, රත්මල්දෙණිය, බෝකුන්දර සහ ගොරකාන යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය කර තිබු පුද්ගලයින් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. මෙලෙස වාර්තා වූ ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් සොයා අනිද්දා දිනයේදී ඔවුන්ට ද PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.

No comments

Ads Place