Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජූලි මස 14 වන දා දක්වා හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ - නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

  ජූලි මස 14 වන දා දක්වා වූ කාලය තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධ...

 


ජූලි මස 14 වන දා දක්වා වූ කාලය තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.


ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ සූදානමක් ඇති බවට පවසා ගොනු කළ පෙත්සම කැදවු අවස්ථාවේදීය .


මෙම පෙත්සම විභාගය ජූලි මස 14 තෙක් කල් තැබූ අතර එම දිනය තෙක් හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට ලක් නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ප්‍රියන්ත නාවාන මහතා පොරොන්දුවක් ලබා දෙන ලදී .


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හරින් ප්‍රනාන්දු මහතා   ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී .


මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට  රහස් පොලිසියේ අධ්‍යක්ෂ, පොලිස්පතිතුමා, අමාත්‍ය සරත් වීරසේකර සහ නීතිපතිවරයා  නම් කර තිබේ.


 2019 අප්‍රියෙල් 21 දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කර ඇති බව පෙත්සම්කරු කියා සිටියි .


මාධ්‍ය මගින් තමා කළ ප්‍රකාශයෙන් අපේක්ෂා කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්  බලධාරීන් කරුණු නොදැන සිටියත් වයස්ගතවී ‍රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා යම් තොරතුරක් දැන සිටි බවට ජනතාව දැනුවත් කිරීම බව හරීන් ප්‍රනාන්දු සිය පෙත්සමේ සදහන් කර සිටියි.


තමා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ සැබෑ අරමුණ පාර්ලිමේන්තුවේදී කළ කතා සහ රජයට විරුද්ධ වීම නිසා ඔහුව නිහඩ කිරීම බව පෙත්සම්කරු පවසා සිටියි .

No comments

Ads Place