Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරාධපුර කලාපයේ පාසල් 13 ක් 30 දක්වා වැසෙයි

  අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් මේ මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පැවසුවේ එම කලා...

 


අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් මේ මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.


උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පැවසුවේ එම කලාපයේ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.


මේ අතර අද දිනයේ වතුකරයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


කොරෝනා ආසාදිත ගුරුවරියක් වාර්තාවීම හේතුවෙන් හැටන් බොස්කෝ විදුහලේ 9 වන ශ්‍රේණියේ පන්තියක් වසා දමා ඇති අතර සිසුන් 31 දෙනෙකු සහ ගුරුවරුන් තුන් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

No comments

Ads Place