Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පක්‍ෂ 10ක නායකයන් පොහොට්ටු පක්‍ෂ නායක හමුව වර්ජනය කරති…

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පි...


අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

එලෙස වර්ජනය කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතුකම ජාතික ව්‍යාපාරය සහ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ය.

රැස්වීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ මෙම ඇමැතිවරුන් තම පක්ෂවලට පවතින ගැටලු මෙහිදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ට වෙනත් දිනයක් ලබාදීමට අගමැතිවරයා පොරොන්දු වී තිබේ.

පක්ෂ නායකයන් නොවන පිරිසකට පක්ෂ නායක රැස්වීමට ආරාධනා කිරීම නිසා රැස්වීමට සහභාගි නොවීමට ඔවුන් තීරණය කර ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම රැස්වීමට සහභාගිවන ලෙස මහජන නියෝජිතයන් 51 දෙනෙකුට ආරාධනා කර තිබිණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ගිවිසුම්ගතව ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 14කි. මෙම හමුවේදී මියගිය පක්ෂ නායකයන් හා රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව ලෝක කම්කරු දිනය සැමරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. කොවිඩ් වංසගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිළිබඳව මෙහිදී පක්ෂ නායකයන්ගේ අවධානය යොමු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය පවත්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී මැයි දිනය රැලිය පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය පොළොන්නරුවේදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහ ලේකම් දයාසිරි ජයසේකර එක්ව සිටියහ. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳව ඇමැති විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18 වැනිදා) සාකච්ඡාවක්ද පවත්වා ඇත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා 51 දෙනෙකුට ආරාධනා කර ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ සාකච්ඡාව වර්ජනය කළ ඇමැතිවරුන් තිදෙනා ඊයේ (19 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ බව අනාවරණය වෙයි.

lankacnews

No comments

Ads Place