Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය නගරයට පනත් 07ක් බලපාන්නේ නෑ…- ඇමති සුසිල්

  ආයෝජන දිරි ගැනීමට අදාළ පනත් හතක් හැර කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාවේ සෙසු සියලුම පනත් බලපැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ...

 


ආයෝජන දිරි ගැනීමට අදාළ පනත් හතක් හැර කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාවේ සෙසු සියලුම පනත් බලපැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය.

1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා නිදහස් වෙළෙඳ කලාප ඇති කරන විට කොරෝනා ප්‍රශ්නයක් ලෝකයේ ඇති වී නොතිබුණු බවද පැවසූ ඔහු අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ද පැවසීය.

කටුනායක බියගම සහ කොග්ගල වැනි නිදහස් වෙළඳ කලාප වලට වඩා මඳක් එහාට ගිය සහන වරාය නගරයට ලබාදෙන බවත් ආයෝජකයන් දිරිගැන්වීම සඳහා අනිවාර්යෙන්ම සහන දිය යුතු බවත් ඔහු පැවසීය.

වරාය නගරය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන බවත් එය කිසිදු අවස්ථාවක වෙනම රටක් වීමේ හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place