Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසයි : සේවකයින් 06 කට කොරෝනා

  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය ...

 


නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම කාර්යාලය ඊයේ දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් හුදෙකලා කර ඇති අතර ඉන් පිරිසකගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

කෙසේවෙතත් නවදිල්ලියේ අඛණ්ඩව ක්‍රියාත්මක අගුළු දැමීම නොසලකා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවාවන් අවශ්‍ය පුරවැසියන්ට උපකාර කිරීම සඳහා ඊමේල් සහ හදිසි කොන්සියුලර් සේවා ඇමතුම් අංක දිගටම ක්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ.

කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙලෙස වසාදැමුණු මහ කොමසාරිස් කාර්යාලය නැවත විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.
 nethnews

No comments

Ads Place