Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනයට පියවර

  ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බව පාරිභෝග...

 


ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් තොගය දින 03 ක් ඇතුළත ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ සඳහා අවශ්‍ය නෞකා ශ්‍රී ලංකා රේගුව මගින් සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ. 


කෙසේ වෙතත්, වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳ පාරිභෝගිකයින් බිය විය යුතු නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කියා සිටියා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම සාම්පල 05 බැගින් පොල්තෙල් සාම්පල 125 ක් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉන් සාම්පල 55 ක පරීක්ෂණ කටයුතු දැනටමත් අවසන් අතර එම සාම්පලවල ඇෆ්ලටොක්සීන් රසායනිකය අඩංගු නොවන බව පැහැදිලි වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


nethnews

No comments

Ads Place