Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Singapore Space Challenge 2021 තරඟාවලියේ හොඳම කණ්ඩායම් තුන අතරට ශ්‍රී ලංකාවත්

 පසුගිය වසරේ නොවැම්බර් 01 වන දා සිට දෙසැම්බර් 31 වන දා තෙක් පැවති Singapore Space Challenge 2021 තරගාවලියේ හොඳම කණ්ඩායම් තුන අතරට පැමිණීමට ශ...


 පසුගිය වසරේ නොවැම්බර් 01 වන දා සිට දෙසැම්බර් 31 වන දා තෙක් පැවති Singapore Space Challenge 2021 තරගාවලියේ හොඳම කණ්ඩායම් තුන අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ SEDS LunarBot කණ්ඩායම සමත් වී තිබෙනවා.


මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, "සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීම"යි.


මෙම තරඟාවලියේ හොඳම නිපැයුම් 03 අතරට එක්වීමට SEDS LunarBot කණ්ඩායමේ නිර්මාණය සමත්ව තිබෙනවා.


එමෙන්ම හොඳම නැගී එන කණ්ඩායම් දෙක සදහා ලබාදුන් Distinction Award සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර සිංගප්පුරු ඩොලර් 1,000 මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට ද SEDS LunarBot කණ්ඩායම සමත් වුණා.


මෙම තරගාවලියේ පළමු ස්ථානය අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ගෙන් සැදුම්ලත් නවසීලන්ත කණ්ඩායමක් හිමිකරගත්තා.


Singapore Space Technologies LTD  ආයතනය විසින් සිංගප්පූරුවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, AWS Educate, Office for Space Technology and Industry - Singapore, Singapore Digital, සහ Shiseido Japan යන ආයතනවල අනුග්‍රහයෙන් සංවිධානය කරන මෙම අන්තර්ජාතික තරගාවලිය සඳහා මෙවර ඇමරිකාව, එංගලන්තය, එක්සත් අරාබිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සහ බෙල්ජියම ඇතුළු රටවල් 18ක් නියෝජනය කරමින් කණ්ඩායම් 140කට වැඩි ප්‍රමාණයක් සහභාගී වුණා.


වයස අවුරුදු 15 – 25 ත් අතර සිසුන් 600 ක් පමණ මෙම කණ්ඩායම් නියෝජනය කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SEDS LunarBot කණ්ඩායම හා විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් ද ඉදිරිපත් වුණා.


SEDS LunarBot කණ්ඩායම සඳහා 18 හැවිරිදි වියේ පසුවන උසස්පෙළ සිසුන් තිදෙනෙක් හා විශ්වවිද්‍යාල පළමු වසරේ සිසුවෙක් ඇතුළත්.


ඔවුන් නම්, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන විදුරංග ලෑන්ඩස්, කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනුම ලබන ජූඩ් පීරිස් හා ඕෂධ පතිරණ සහ අමෙරිකා එක්සත් ජනපදයේ පර්ඩියු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමිත රණසිංහ යන අයයි.


SEDS LunarBot කණ්ඩායම සිය ජයග්‍රහණයත් සමග නව පරපුරට ලබාදෙන පණිවිඩය නම්, "ඔබ කැපවීමෙන් හා නිශ්චිත අරමුණකින් කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන්නේ නම්, ඔබ හා තරග වදින්නේ කුමන මට්ටමේ පුද්ගලයන්ද යන්න වැදගත් නැත.යන්නයි.  

No comments

Ads Place