Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බසයක් දුම්රියක ගැටෙයි : PCR සිදුකිරීමට ගිය රෝහල් සේවකයින් 11 දෙනෙකුගේ දිවී අනුනමයෙන් බේරෙයි

  කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලය රැගත් බස් රථයක් වස්කඩුව, කොස්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම බස් රථයේ...

 


කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලය රැගත් බස් රථයක් වස්කඩුව, කොස්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම බස් රථයේ රියැදුරා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.


විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා හෝටල් වෙත යොමු කරන පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක සේවය කරනු ලබන කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු රැගත් මෙම බස් රථය වස්කඩුව, කොස්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෙලෙස දුම්රියේ ගැටී මෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි කළුතර උතුර පොලිසියේ  රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.


හෝටලය තිබෙන ස්ථානය පසුකර යෑම නිසා බස් රථයේ රියදුරු බසය යලි හරවා ගැනීම සඳහා කටයුතු කර ඇති අතර එහිදී ඔහු බස් රථයේ මුහුණ දුම්රිය මාර්ගය දෙසට යොමු වනවාත් සමග කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබු දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.


අනතුරෙන් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර එහි සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11දෙනාට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

No comments

Ads Place