Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ වසරේදී ලංකාව බංකොලොත් වෙන බව IMF කියනවා..- අනුර

  මේ වසරේදී ශ‍්‍රී ලංකාව බංකොලොත් තත්වයට පත්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රකාශ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසාන...


 මේ වසරේදී ශ‍්‍රී ලංකාව බංකොලොත් තත්වයට පත්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රකාශ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක් මෙම වසරේදී බංකොලොත් වීමට නියමිත බවට ඔවුන් පුරෝකතනය කර ඇති බවද දිසානායක මහතා කීය.

කොළඹ නව නගර ශාලාවේ පැවති එම පක්‍ෂ සම්මන්ත‍්‍රණයකදී ඒ මහතා මේ බව කීය.

මෙරට ආර්ථිකයේ ඇති වී තිබෙන ප්‍රධානම ගැටලුව ණය අර්බුදය බවත් අද මෙරට ණය ධාරිතාව ඔරොත්තු නොදෙන මට්ටමක ඇති බවත් ඔහු කීය.

අද ආණ්ඩුවේ සියලු ආදායම ණය ගෙවීමට යොදවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ අනුව ජනතාවගේ සියලු සේවාවන් කප්පාදු කිරීමට සිදුව ඇති බවත් ඔහු තව දුරටක් කියා සිටියේය.

No comments

Ads Place