Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අශෝක් අබේසිංහ CIDය මඟහරී

  පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ මූල්‍ය දායකත්වය සැපයූවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශ...

 


පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ මූල්‍ය දායකත්වය සැපයූවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටීම ඊයේ (08) මඟහැර තිබේ.


මේ අනුව අද (09) මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන් විසින් පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවත් ඊට මුල්‍ය දායකත්වය නිශ්ශංක සේනාධිපති මහතා විසින් දැරූ බවත් මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් පසුගියදා චෝදනාවක් කළේය.


අදාළ ප්‍රකාශය ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනකු විසින් පෙරේදා (07දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

noizetv

No comments

Ads Place