Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවට ඉරානයෙන් වරායක්

 ඉරානයේ ගිනිකොණදිග වෙරලේ පිහිටි චබහාර් වරායේ මෙහෙයුම් කටයුතු වසර 10 ක කාලයකට ඉන්දියාව වෙත පැවරීමට පියවර ගෙන තිබේ.ඒ ඉරානය සහ ඉන්දියාව විසින් ...


 ඉරානයේ ගිනිකොණදිග වෙරලේ පිහිටි චබහාර් වරායේ මෙහෙයුම් කටයුතු වසර 10 ක කාලයකට ඉන්දියාව වෙත පැවරීමට පියවර ගෙන තිබේ.ඒ ඉරානය සහ ඉන්දියාව විසින් අත්සන් තබා ඇති ගිවිසුමකට අනුවයි.


ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 500 ක වියදමින් චබහාර් වරායේ පර්යන්ත දෙකක් ඉදිකර ඇති අතර ඒ වෙනුවෙන් එහි මෙහෙයුම් කටයුතු වසර 10ක කාලයකට ඉන්දියාව වෙත පැවරෙනු ඇති.


ඉන්දීය නාවික කටයුතු අමාත්‍ය මන්ෂුක් මන්ඩාවියා සදහන් කරන්නේ මැයි මාසයේ සිට ඉන්දියාව චබහාර් වරායේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.


දැනටමත් අර්ධ වශයෙන් මෙහි මෙහෙයුම් සිදුකරන අතර එමගින් පකිස්තානය මගහැර,ඇඝ්ගනිස්තානය ඇගසහ මැදපෙරදිග කලාපයේ සෙසු රටවල් සමග වෙලෙද කටයුතුවල නිරතවීම ඉන්දියාවේ අපේක්ෂාව බව සදහන් වේ.

No comments

Ads Place