Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැක සහිත පොල්තෙල් බව්සර් දෙකක් දංකොටුවේදී පොලිසියේ භාරයට

  විෂ කාරක ඇති බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500 ක් අඩංගු බව්සර් දෙකක් දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 119 පොලිස් ...

 


විෂ කාරක ඇති බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500 ක් අඩංගු බව්සර් දෙකක් දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. 


තෙල් බව්සර් දෙකෙහි රියදුරන් දෙදෙනාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර ඇත.


රාගම ප්‍රදේශයේදී පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා මෙම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.එම තෙල් බව්සර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රදවා තිබෙන විට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


බව්සර් වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි දංකොටුව පොලීසිය සඳහන් කර සිටියේ.

nethnews

No comments

Ads Place