Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටුගොඩ ධම්මාවාස නා හිමිගේ ආදාහන පූජෝත්සවය නිසා හෙට ශෝක දිනයක්

  අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිද...

 


අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.


ඒ අනුව හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සියලු සුරාසැල් වසා තැබෙනු ඇති.


අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. මේවනවිට උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්සේ පිහිටි ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබෙනවා.


මේ අතර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් මෙරට විවිධ ආගමික කණ්ඩායම් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට සමාජය පුරුදු පුහුණු කළ යතිවරයාණන් වහන්සේ නමක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.


ඔහු ඒ බව පැවසුවේ අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගලකිස්ස  ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

No comments

Ads Place